ads

Saturday, December 20, 2014

කාබන් මොනොක්සයිඩ් (CO)

වාහනේ දුම් පරික්ෂාවට ගියාම එතන තිබ්බ කාබන් මොනොක්සයිඩ් එලාම් එක දැක්කම තමා මේ ලිපිය ලියන්න හිතුවේ. දුම් පරික්ෂාව නියමාකාරව සිද්දවෙනවනම් සල්ලි ගෙවන්න උනත් වටිනා වැඩක්.

කාබන් පරමාණුවක් හා ඔක්සිජන් පරමාණුවක් එකට බැදිලා තමා කාබන් මොනොක්සයිඞ් හැදෙන්නේ(CO). කාබන් වලට ඔක්සිජන් දෙකක් බැදිලා හැදෙන කාබන් ඩයොක්සයිඩ් අපිට විස නොවුනට CO නම් මාරාන්තික විෂ සහිතයි.

Tuesday, November 4, 2014

A4 size කොලයක් 42පාරක් නැවුවම හදට යන්න තරම් උසයි

A4 ප්‍රමාණයේ කොලයක් 42 පාරක් නැවුවම හදට යන තරම් උසයි.එත් ඒක හිතාගන්න අමරයි නේද?

පෘතුවියේ ඉදලා සඳට තියන දුර 384000 km

A4 කඩදාසියක ගණකම 0.01cm හෙවත් 0.1mm විතර වෙනවා.ඒ කියන්නේ පෘතුවියේ ඉදන් හදට කොළ ගොඩ ගැහුවොත් කොල 3840 000 000 000 000ක් ඕනේ වෙනවා.

ඒ උස A4 කොලයක් 42 පාරක් නැමුවම එනවා.

Tuesday, September 2, 2014

විවිධ සතුන් ලෝකය දකින හැටි ඔවුන්ගේ ඇසින් - (how animals see the world)

එක එක සත්තු ලෝකය දකින්නේ එක එක විදිහට. බල්ලනම් black&white කියන එක ප්‍රසිද්දයි.එත් ඒක එහෙම්මම නෙවේ. මෙහෙම බැලුවම ලෝකේ ලස්සනටම දකින්නේ මිනිස්සු කියලත් හිතෙනවා.

animation images නිසා සමහර විට load වෙන්නනම් ටිකක් වෙලා යයි.එත් බැලුවොත් අලුත් දෙයක් ඉගෙන ගනී කියලනම් sure.

Monday, August 25, 2014

ඉව හොදටම තියන සතුන් 10 දෙනා (Best 10 Sniffers)

බොහෝ දෙනෙක් හිතන්නේ ඉව හොදටම තියන සතා බල්ලා කියලා.එත් බල්ලට වඩා ඉව තියන සත්තු ඉන්නවා.එත භාවිතයේ පහසුව නිසා තමා බොහෝ විට බල්ලන් යොදා ගන්නේ.මම මේ ගැන internet එකේ හොයලා බලද්දී සමහර තැන වල තිබ්බ පිළිවෙල මිට වඩා චුට්ටක් වෙනස්.එත් බොහොමයක් තැන වල තිබ්බ පිළිවෙලට අනුව මම සත්තු ටික පෙළ ගැස්සුවා.

පරීක්ෂකයන් දැන් බෝම්බ සොයන්න මීමැස්සන් පුහුණු කරවනවා.මොකද ඒ තරම් හොද ඉවක් මිමැස්සන්ට තියන නිස‍ා.

ඒ වගේම රුධිරය ඉව කරලා පිළිකා සොයා ගන්නත් බල්ලන්ව පුරුදු කිරීමටත් පරීක්ෂණ සිදුවෙමින් පවතිනවා.

Wednesday, July 23, 2014

යන්ත්‍ර කීපයක් වැඩ කරන හැටි (GIF Animation පින්තුර)

යන්ත්‍ර කීපයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය මේ animation ටිකෙන් හොදට පැහැදිලි වෙනවා.මට කාලයක් ප්‍රශ්නයක් වෙලා තිබ්බ මහන මැෂිම වැඩ කරන හැටිත් මේකෙන් හොදට පැහැදිලි උනා.බලලම කියන්නකෝ අලුත් දෙයක් ඉගෙන ගත්තේ නැද්ද කියලා.

හැබැයි images ටිකක් ලොකු නිසා internet connection එක slow නම් load වෙන්න වෙලා යයි.එත් බලන්න වටිනවා.

Friday, June 20, 2014

වැඩකාරයන්ට ප්‍රශ්නයක් - චොකලට් ප්‍රශ්නය (chocolate quiz)

මේක පොඩි ප්‍රශ්නයක්. පුළුවන් කට්ටිය උත්තර දෙන්න. මම පහල video එකක් දාලා තියනවා.ඒක පොඩි video එකක්.ඒ නිසා data ගැන හිතන්නේ නැතුව බලන්න.

මේකෙදි කිසිම බොරුවක් කරන්නේ නෑ.කිසිම් video ප්‍රයෝගයක් පාවිච්චි කරලා නෑ.ඕක ඔහොම ඈත්තටම සිද්ධ වෙනවා.උත්තරේ ඉරිදට කියනවා.

Friday, June 13, 2014

සඳ ගමන බොරුවක් කියන්න සාක්ෂි (Landing Hoax Myths)

මේක කියෙව්වම ඔයාලා ඔක්කොටොම හිතෙයි හද ගමන අමුලික බොරුවක් කියලා.මේ පිළිබද විවිධ මතිමතාන්දර තියනවා.

රුසියාව හා ඇමරිකාව අතර සිතල යුද්දයක් තියනවා.ඒ නිසා මුලින්ම සඳ ජයගැනීම ගැනත් තරගයක් තිබ්බා.ඒක නිසා ඇමරිකාව විසින් මේ විදිහට චිත්‍රාගාරයක් තුල සඳ ගමන බොරුවට මවා පෑවා කියලා සමහරු කියනවා.

ඒ වගේම තව අය කියනවා ඇත්තටම හදට ගිහිත් එහි රහස්‍ය දේ නිසා ඇත්ත චායාරුප වෙනුවට මේ ව්‍යාජ ඒවා ලෝකයට ඉදිරිපත් කරා කියලා

Monday, May 26, 2014

කැමරා වල සටහන් වන හොල්මන් /දේවතා එලි ඇතිවන හැටි (Orbs)

මම මේක ගැන  "බොක්කා" fb page එකේ තිබ්බ ලිපියක් දැකලා තමයි ලියන්න හිතුනේ. වැඩි විස්තර කියන්න ඕනේ නෑ. මේවට කියන්නේ Orbs කියලා.

ඇත්තටම අපේ විදිහ තමා අපිට තේරුම ගන්න බැරි දෙයක් දැක්කම ඒක දෙවියන්ට හෝ අදෘශ්‍යමාන බලවේග වලට භාර දීලා නිකං ඉන්න එක. ලංකාවේ තිබ්බ camera ගැන ad එකකත් තිබ්බ හොල්මන් අහු නොවෙන camera එකක් කියලා දාලා.

Thursday, April 17, 2014

පිරිමි හා කාන්තා මොලයේ වෙනස්කම් (men vs women brain)

කාන්තා මොලයේ හා පිරිමි මොලයේ බොහොමයක් වෙනස්කම් තියනවා.ඒවා කීපයක් ගැන කරුණු වශයෙන් කියන්නම්.

01. වැඩ කිරීමේ හැකියාව

කාන්තා මොලයට එකවර වැඩ කීපයක් හොදින් කරන්න(multi tasking) පුළුවන්.එත් පිරිමි මොලේට එකවරකට කරන්න පුළුවන් එක වැඩක්(single tasking) විතරයි.

Tuesday, April 8, 2014

ඩිටර්ජන්ට් කුඩු (detergent powder) හා සාමාන්‍ය රෙදි සෝදන කුඩු අතර වෙනස

රෙදි සෝදන කුඩු වර්ග දෙකක් තියනවා. එකක් ඩිටර්ජන්ට් කුඩු. අනෙක සාමාන්‍ය රෙදි සෝදන කුඩු.

ලංකාවේ සමහර ප්‍රදේශ වල ජලය කිවුලයි.ඒ කියන්නේ ඒ ජලයේ මැග්නීසියම් හෝ කැල්සියම් අයන තියනවා.එතකොට සබන් හෝ සාමාන්‍ය රෙදි සෝදන කුඩු පාවිච්චි කරාට වැඩිය පෙන එන්නේ නෑ.ඒ නිසා හොදින් රෙදි සේදෙන්නෙත් නෑ

Wednesday, April 2, 2014

එන්න.ඔයාලගේ වම් මොලයද වැඩි, දකුණු මොලයද වැඩි කියලා check කරගන්න

අපේ මොලයේ කොටස් දෙකකට බෙදිලා තියනවා.ඒකෙන් අපේ ශරීරයේ වම් පැත්ත පාලනය වෙන්නේ දකුණු මොලයෙන්.ඒ වගේම දකුණු පැත්ත පාලනය වෙන්නේ වම් මොලෙන්.

තර්කනය, ගණිතමය ගැටළු විසදීම වගේ දේවල් සිද්ද වෙන්නේ වම් මොලයෙන්. සංගීතය,චිත්‍ර ඇදීම වගේ කලාත්මක දේවල් සිදු කරනවා.

අපේ මොලේ මොන පැත්තද වැඩිපුර බර කියන එක පොඩි පොඩි ක්‍රියාකාරකම් ටිකක් මගින් දැනගන්න පුළුවන්.

Friday, March 21, 2014

ලොතරැයියක් ඇදෙන්න තියන සම්භාවිතාව ගණනය කරමු.

ගොඩක් කට්ටිය තියන ප්‍රශ්නවලින් ගොඩ එන්න හිතගෙනත් එක්ක ලොතරැයි ගන්නවනේ.එත් මේකට කියක් හරි ඇදෙන්න තියන සම්භාවිතාවය කියාද කියලා නිකමටවත් හිතලා බලන්නේ නෑ.

අපි පොඩ්ඩක් ලොතරැයියක් ඇදෙන්න තියන ඉඩකඩ ගණනය කරලා බලමු.බොහෝ විට ඔබ හෙට ඉදං ලොතරැයි ගන්න එක නවත්තයි කියලා මම හිතනවා.

Wednesday, March 5, 2014

මිනිහෙක් මැරිලද කියලා check කරන්නේ කොහොමද? (heart beat එකෙන් නෙවේ)

මිනිහෙක් මැරිලද නැද්ද කියලා check කරන්නේ හදවත ගැහෙන එකෙන් කියලයි ගොඩක් අය හිතන්නේ.ඒත් ඒක වැරදි කියලා මම දැනගත්තේ මේ ලගදි hospital එකේදී.

හදවත නැවතුනාට ටිකක් වෙලා යනකන් පන තියනවා.එතකොට හදවත මසාජ් කරන ගමන් කෘතීම ස්වසනය දීලා පන ගන්න පුළුවන්.

Sunday, February 23, 2014

අයින්ස්ටයින් කියපු විදිහට කාලය හරහා ගමන් කරන්නේ කොහොමද?

අයින්ස්ටයින් කියලා තියනවා අපිට ආලෝකයේ ප්‍රවේගයෙන් යන්න පුලුවන්නම් අපිට කාලය හරහා යන්න පුළුවන් කියලා.ඒ කතාව ඇත්ත.එත් යන්න පුළුවන් අතීතයට විතරයි.එත් වෙන්නේ අතීතය දකින්න පුළුවන් වෙන එක විතරයි.තාත්වික ලෝකයකට යන්න බෑ.ඒක වෙන්නේ මෙහෙමයි.

Tuesday, February 11, 2014

ගෙදර වතුර බිල අඩු කරගන්න ක්‍රමයක්



ඔයාලා හුලන් එන වෙලාවට වතුර මීටරේ කැරකෙනවා දැකල තියනවද? අපිට වතුර කපලා නැවත එවද්දී බට ඇතුලේ තියන හුලන් ටික තමා මුලින්ම එන්නේ.එතකොට කැරකෙන වේගේ සාමාන්‍ය වේගෙට වඩා 20ගුණයකටත් වඩා වැඩි වගේ.මම එකේ video එකක් දැම්මා.බලන්න.එකේ අන්තිම අංකෙ පෙනෙන්නේ නැති තරම් speed එකකින් කැරකෙනවා.

Monday, February 3, 2014

අපිට මයිල් තියෙන්නේ ඇයි?

අදත් පොඩි වෙනස් මාතෘකාවක් ගැන කතා කරන්න හිතුනා.අපිට තියන හැම අවයවයක්ම වගේ අපිට වැදගත්නේ.මම දන්නා විදිහට අනවශ්‍ය ගැජට් එකකට තියෙන්නේ උණ්ඩුකපුච්ඡය විතරයි.එකත් කල් යද්දී අපේ නැට්ට නැති උනා වගේම පරිනාමයත් එක්ක නැති වේවි.

මට තිබ්බ පොඩි ගැටළුවක් තමා අපිට මයිල් තියෙන්නේ ඇයි කියලා.මම එකට උත්තරයක්‌ හොයා ගත්තා.මේක මගේ නිගමනයක් විතරයි.

Friday, January 24, 2014

කැරපොත්තා - ඔබේ ගෙදර ඉන්න කැරපොත්තා ගැන ඔබ නොදත් කරුණු රැසක්

මේ ලෝකේ සිටින ශක්තිමත්ම ජීවියා තමා කැරපොත්තා.එහෙම කිව්වොත් ඔබ කියයි එක සෙරෙප්පු පාරකින් මැරෙන මේ සතා කොහොම්ද ශක්තිමත්ම ජීවියා වෙන්නේ කියලා.චාල්ස් ඩාවින්චිගේ පරිණාමවාදය අනුව ලෝකයේ ඉදිරියට එන්නේ ශක්තිමත් ජීවින් නෙවේ.පවතින පරිසරයට අනුව හැඩගැසෙන්න (අනුවර්තනය) වෙන්න පුළුවන් ජීවින් විතරයි.මිනිසුන්ට මේ පරිසරයට අනුගත වෙන්න බැරි දවසක් ආපු දවසට මිනිසාත් වද වෙලා යන එක නියතයි.

කැරපොත්තා ඩයිනොසර යුගයේ ඉදන් පවත එන සත්වයෙක්.එකෙන්ම පේනවා මේ සතාගේ ශක්තිමත්භාවය.