ads

Tuesday, February 11, 2014

ගෙදර වතුර බිල අඩු කරගන්න ක්‍රමයක්



ඔයාලා හුලන් එන වෙලාවට වතුර මීටරේ කැරකෙනවා දැකල තියනවද? අපිට වතුර කපලා නැවත එවද්දී බට ඇතුලේ තියන හුලන් ටික තමා මුලින්ම එන්නේ.එතකොට කැරකෙන වේගේ සාමාන්‍ය වේගෙට වඩා 20ගුණයකටත් වඩා වැඩි වගේ.මම එකේ video එකක් දැම්මා.බලන්න.එකේ අන්තිම අංකෙ පෙනෙන්නේ නැති තරම් speed එකකින් කැරකෙනවා.
ගොඩක් අය ball valve දාලා තියන නිසා මීටරේ ලගින වහන්නේ නෑ.ඒ නිසා හැමදාම වතුර එද්දී ලොකු මුදලක් හුලන් වලටත් ගෙවනවා.

ඒ නිසා වතුර නැවතුනාම මීටරේ ලගින් වහලා අයෙ වතුර ආවට පස්සේ මීටරේ ලගින ඇරියනම් හරි.

අපි petrol ගහන්න ගියාම petrol වෙනුවට හුලං ගැහුවොත් නිකං ඉදීද? ඒ වගේම තමා අපිට මේකට විරුද්ධවත් ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් වෙන්න ඕනේ.

අපේ ගෙදර බිලෙන් 60% විතර අඩු උනා මේ වැඩෙන්.එතකොට හිතලා බලන්නකෝ හුලං වලට කොච්චර ගෙවලා ඇතිද කියලා.

මේක නවත්තන්න එක ක්‍රමයක් තියනවා.ඒ තමා "ජල සම්පාදන" එකේ අය tank එකේ වතුර බින්දුවටම අඩුවෙන්න නොදී තියාගන්න එක.





සුභ දවසක්..........!!!
මේ වගේ අමුතු දේවල් දැන ගන්න යන ගමන් Like එකක් දා ගෙනම යන්ඩ.

3 comments:

  1. දැනුවත් කලාට ස්තුතියි. හුලං වලටත් සල්ලි ගෙවන්න වෙන කාලයක් තමයි මේක.

    ReplyDelete
  2. දැනුවත් කලාට ස්තුතියි

    ReplyDelete
  3. ඒත් මෙහෙන් වහල තිබ්බම වතුර එනකොට හුලන් යන්නේ කොහෙටද? ඒවා හිරවෙලා බටේ පුපුරලා යන්නේ නැද්ද?

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න.....