ads

Friday, June 13, 2014

සඳ ගමන බොරුවක් කියන්න සාක්ෂි (Landing Hoax Myths)

මේක කියෙව්වම ඔයාලා ඔක්කොටොම හිතෙයි හද ගමන අමුලික බොරුවක් කියලා.මේ පිළිබද විවිධ මතිමතාන්දර තියනවා.

රුසියාව හා ඇමරිකාව අතර සිතල යුද්දයක් තියනවා.ඒ නිසා මුලින්ම සඳ ජයගැනීම ගැනත් තරගයක් තිබ්බා.ඒක නිසා ඇමරිකාව විසින් මේ විදිහට චිත්‍රාගාරයක් තුල සඳ ගමන බොරුවට මවා පෑවා කියලා සමහරු කියනවා.

ඒ වගේම තව අය කියනවා ඇත්තටම හදට ගිහිත් එහි රහස්‍ය දේ නිසා ඇත්ත චායාරුප වෙනුවට මේ ව්‍යාජ ඒවා ලෝකයට ඉදිරිපත් කරා කියලා


 01. සඳ මත වායුගෝලයක් නෑ.එහෙම එකේ කොහොමද මේ කොඩිය ලෙල දෙන්නේ.


02.සඳ මත ගුරුත්වාකර්ෂණය පෘතුවියේ ගුරුත්වාකර්ෂණයෙන් 1/6ක් විතර වෙනවා.එතකොට කොහොමද මේ තරම් තදේට පා සලකුණ හිටින්නේ?අනික සදේ වතුර නෑ.එත් තෙත පොළවක වගේ පා සලකුණ හිටලා තියෙන්නේ?


 03.පා සලකුණ ඔහොම හිටිනවනම් යානය කොච්චර එරෙන්න ඕනෙද? ඒ විතරක් නෙවේ මේක බාද්දී දුවිලි අවිස්සෙනවා.එත යානයේ පාද වල දුවිලි චුට්ටක්වත් නෑ. ලස්සනට තියනවා




04.අහසේ තරු තියනවා.එත් මේකේ කිසිම photo එකක අහසේ එකම එක තරුවක්වත් දකින්න නෑ


05.මේ හෙල්මට් එකේ spot light එකක් වගේ එකක spot light එකක් වගේ එකක් පෙනෙනවා.



 06.ආලෝක ප්‍රභවය වෙන්නේ හිරු විතරයි.එතකොට හෙවනැලි ඔක්කොම එකම පැත්තකට වැටෙන්න ඕනේ.ඒත් මේකේ හෙවනැලි වැටිලා තියන පති වෙනස්


08.නිල් ආම්ස්ට්‍රෝන් යානයේ ඉදන් බහින හැටි video වෙලා තියනවා.ඒත් මුලින් හදට බැස්සේ එයනම් එයාව video වෙන්න ඕනේ යානයේ උඩ ඉදන්.එතකොට එයාව පල්ලෙහා ඉදං චායාරුප ගත්තේ අගහරුගෙන් ආපු සෙට් එකක්ද?


09.පසුතලයන් සමාන වෙන අවස්ථා තියනවා.ඔය උඩ තියන රුප දෙක එක මත එක තිබ්බම එකේ පිටිපස්සේ තියන කන්ද එක මත එක හරියටම වැටෙනවා. 



10.යානය බාද්දී  විශාල ශබ්ධයක් එන්න ඕනේ.එත් කිසිම recording එකක එහෙම ශබ්ධයක් පටිගත වෙලා නෑ.

මෙන්න මේවා තමා ප්‍රධාන හේතු. ජෝන් කෙනඩි ජනාධිපතිවරණයේදී මිනිසෙක් හදට යවනවා කියලා ජනතාවට පොරොන්දු දීල තියනවා.ඒ වගේම රුසියාවෙන් මිනිසුන් රහිත යානයක යවුපු නිසා රුසියාවට රුසියාවට 2nd වෙන්න බැරිකමකුත් තිබ්බා. ඔය නිසා බොරුවට හරි හදට යන්න සිද්ධ උනා.එත් ඔහොම බොරුවක් කරානම් මේ වගේ කරුණු ගැන හිතන්නේ නැති වෙයි කියලා හිතන්නත් අමාරුයි.

ඇත්තද නැත්තද කියලා හිතන එක ඔයාලටම බාරයි.ඔයාලගේ අදහස් එහෙමත් දක්වලා like එකක් එහෙම දාගෙනම යන්න

සුභ දවසක්..........!!!
මේ වගේ අමුතු දේවල් දැන ගන්න යන ගමන් Like එකක් දා ගෙනම යන්ඩ.

14 comments:

  1. 1 වායුගෝලයක් නැති වුනත් කොඩියක් ලෙල දෙන්න ඒ කියන්නේ මෙතන විදිහට නම් සෙලවෙන්න හදන්න පුළුවන්.
    2 සඳේ තියෙන්නේ පිටි වගේ පස්,ඉතින් බරට ඒ කියන්නේ මුළු කකුලෙම බර එක කකුලට ආවම මෙහෙම වෙන්න පුළුවන්.
    3 දූවිලි ඇවිස්සුනාට පාදවල තැවරීම පැහැදිලිව නොපෙනෙන්න පුළුවන්.දූවිලි අංශුනේ.
    4 මේ තියෙන්නේ පස්සේ ගත්ත ඡායාරූපයක්,ඒ කියන්නේ පස්සේ සුද්ධ කරපු එකක්.එදා මෙච්චර පැහැදිලි රූප තිබ්බෙ නෑ.අනික එච්චර දුර නොපෙනුනා වගේම අදටත් අභ්‍යවකාශේ ඉඳන් ගන්න සමහර ඡායාරූප වල තරු පැහැදිලි නෑ.
    5 ඒක පැහැදිලි නෑ.පස්සේ ඕනම කෙනෙකුට ඒ වගේ දෙයක් එකතු කරන්න පුළුවන්.
    6 එකම ප්‍රභවය නෙවෙයි.කෘත්‍රිම අලෝකය තිබුනා.
    7 ඒ නීල් ආම්ස්ට්‍රෝන් නෙවෙයි.ඕල්ඩ්‍රින්.
    8 එක සමාන තැන් පෘථිවියෙ වුනත් තියෙන්න පුළුවන්.
    9 ඒක තාක්ෂණික දෙයක් වෙන්න පුළුවන්.යානයේ ගමන් කරද්දිත් යානයේ සද්දේ ඇහුනේ නෑනේ සද්දෙට.

    ReplyDelete
    Replies
    1. 01. එහෙම හදන්න බැරිකමක් නෑ.එත් ඕක සාමාන්‍ය කොඩියක්
      03. ඒ උනාට බැලූ බැල්මට යානයක් බාපු බවක් පෙනෙන්නේ නෑ.
      06. ආලෝකය විදිහට පාවිච්චි උනේ හිරු එලිය පමනක් බව nasa එක කියනවා.

      එහෙම නැති උනත් ඔච්චර විශාල තද එළියක්‌ දෙන ආලෝක ප්‍රභවයක් තියෙන්න අමාරුයි.

      මේක මතයක් විතරයි.මම කියන්නේ නෑ හදට ගියේ නෑ කියලා. එකේ දෙපැත්තටම කියන්න කරුණු තියනවා. ස්තුතියි කරුණු දැක්වීමට.මම මේක ගත්තේ discovery එකෙන්. එකේ විස්තර කරන සම්පුර්ණ video එකක් තිබ්බා.ඇමරිකාවේ ජනග්‍රහණයෙන් මිලියන 15ක් සද ගමන විස්වාස කරන්නේ නෑ.කියුබාවේ පාසල්වලත් උගන්නනවා සද ගමන බොරුවක් කියලා.

      Delete
    2. ඔහොම ලොකු බොරැවක් නාසා එකට කරන්න බැහැ. හිතල බලන්න ඔහොම ‍බොරැවක් කරනවානන් කොච්චර මිනිස්සු තොගයක් ඕකට පාවිච්චි කරන්න වෙනවද කියල? එහෙම උනානන් ඕක බොරැ කියල කියන්න කොච්චර නන් මිනිස්සු ඉදිරිපත් වෙයිද?

      Delete
    3. මිලියන 15ක්

      Delete
  2. you are an ideot why you deleat the reply to your post?

    ReplyDelete
  3. ඔය ඔක්කොම ඇත්ත.මට තියන ගැටළුව හැට ගනන්වල හදට ගියා නම් ඇයි අද යන්න බැරි.අද වෙනකොට ජනාවාසත් හදන්න පුළුවන් වෙන්න එපායැ.ඔය කතා අමු බොරු.2030 වෙනකොට නම් හදට යන්න පුලුවන් වෙයි

    ReplyDelete
    Replies
    1. Me wana wita sarthaka sanda gaman 6k sidu karala thiyenawa.1k gamanakata vishala mudalak vaya wenawa.anawashya sanda gama walata nasa eken mudal nasthi karanne na.nasa eka me wana wita awadhanaya yomu kara thiyenne angaharu grahaya wethatai.angaharu wetha yamatai.angaharu grahaya wetha yamata masa 6kata asanna kaalayak gatha wana bawa ganan bala atha.thawath parikshana sidu karamin pawathi

      Delete
  4. Russian karayo giyakiwwanam ape eeyo oya widiyata nowei prashna nethiwa udinma ismuduninma anee saadu kiyawi!.yankiya.

    ReplyDelete
    Replies
    1. 0.004077 GHz prosessor, 4 Kb RAM,74 KB memory තියන පරිගණකයකින් හදට ගියානම් දැන් හදට යන එක කොච්චර ලේසි වෙන්න ඕනෙද. දැන් තියන phone එකකත් අඩුම 1 GHz තියනවා. සද ගමනින් ලෝකෙට ලැබුන දේ හා එම පරිගණකය ගැනත් ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙනවා. දිගටම රැදිලා ඉන්න

      Delete
    2. දැන් හදට යන්නෙ නැත්තෙ, හදට යන්න යන වියදමයි හදට යාමෙන් ලැබෙන ප්රතිලාබෙයි අතර බැලුවාම ලොකු පාඩුවක් තියෙන නිසා. 1960 ගණන් වල ඇමරිකාව තමන්ගේ ලොකු කම පෙන්නන්න සල්ලි ලෝස් නැතුව වියදම් කරලා මිනිස්සුන්ව හදට යැව්වා. ඒත් අද ඇමරිකාවට එහෙම සල්ලි වීසි කරන්න උවමනාවක් නෑ.

      Delete
  5. එදා ගියානම් අදටත් නොගියෙ මොකද . වර්තමානයේ තාක්ෂණය මෙතරම් දියුණු වෙලා තියෙද්දී .

    ReplyDelete
  6. එදා ගියානම් අදටත් නොගියෙ මොකද . වර්තමානයේ තාක්ෂණය මෙතරම් දියුණු වෙලා තියෙද්දී .

    ReplyDelete
  7. 1 - කොඩිය උඩින් තවත් පොල්ලක රඳවලයි තියෙන්නේ.(ඒක පැහැදිලිව පේනවා) ගගනගාමියෙක් අතින් හෙලවුනොත් ලෙලදෙනවා වගේ පේනවා.
    2 - පළමුවෙනි අදහසේ යෙදූ මතයමයි
    3 - යානය බාපු ගමන්ම ගත්තු ෆොටෝ එකක් නෙවෙයි වෙන්න ඇති. වෙලව්වක් ලියල නෑනේ?
    4 - ගගනගාමියොත් කියල තියෙනවා තරු දැක්කේ නෑ කියල. ඉතින් බොරුවක් වෙන්න බෑ. තව ඒ කාලේ තිබ්බ පරණ කැමරාවල තරු කොහෙත්ම සටහන් වෙන්න නැතුව ඇති. මොකද දැන් තියෙන ස්මාර්ට් ෆෝන් එකකින්වත් තරු පෙන ෆොටෝ එකක් ගන්න බෑනේ.
    5 - පැහැදිලි නැතිව හරියටම කියන්න බැහැ
    6 - ඕක මෙහෙදිත් වෙන්න පුළුවන්. හඳේ කඳු, පල්ලම් ගැටිති තියෙනකොට පින්තුරේ හෙවනලිවල දිශා වෙනස් වෙන්න පුළුවං.
    7 - ඔය කවුද කියලනම් මට කියන්න බැහැ. ඒත් ඒ දෙන්නම එකට ඉන්න ෆොටෝ තියෙනවා. ඒවානම් අරන් තියෙන්නේ යානේ තිබුණු කැමරාවෙන්.
    8 - හඳේ එකම වගේ තැන් හුඟක් තියෙනවා. ඒ වගේම හඳේ ගොඩාක් දුර තැන් ලඟම තියෙනවා වගෙයි පෙන්නේ.
    9 - වාතය/ගණ/ද්‍රව යන මාධ්‍යක් රහිත තැනකදී ශබ්දය කිසිම විදිහකට ඇහෙන්නේ නැහැ. ගගනගාමියෝ හිටියේ ඔක්සිජන් සපයා ඇති ඇඳුමක් ඇතුලේ නිසා සහ ඔවුන් සන්නිවේදනය කරේ රේඩියෝ තරංග වලින් නිසා ඔවුන්ගේ කටහඩ පටිගත වුනා, ඒත් යානය තිබුනේ කිසිම මාධ්‍යක් නැති අභ්‍යවකාශයේ (රික්තකයක් තුල) ඉතින් එහි ශබ්දය රේකොඩින් උපකරණයට ලැබුනේ නැහැ.

    හඳ ගමන බොරුවක්නම් නාසා එකට ඔයිට වඩා හිතල පින්තූර ගන්න තිබ්බ. එකේ ඉන්නේ පොඩි බබාලා වෙන්න බෑනේ? හඳ ගමන බොරුවක් කියල මම පිළිගන්නේ නැහැ. හඳට නැවත ගියා කියල කිසි ප්‍රයෝජනයක් නැහැනේ. එකේ ජීවින් ඉන්න කිසිම ඉඩක් නැහැ. දැන් ඊට එහා වැඩ ගැන නාසා එකේ අවදානය යොමු වෙලා තියෙන්නේ. ඒත් හඳට 4G ගෙනියනවා වගේ වැඩත් කරන්න වෙන ආයතන කටයුතු කරමින් ඉන්නේ. හොඳ ලිපියක්, හඳ ගමන බොරුවක් කියන්න ඔයිට වඩා තර්ක ඉදිරිපත් වෙලා තියෙනවා, නාසා එකෙන් ඕවට උත්තරත් දීල තියෙන්නේ.

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න.....