ads

Monday, May 26, 2014

කැමරා වල සටහන් වන හොල්මන් /දේවතා එලි ඇතිවන හැටි (Orbs)

මම මේක ගැන  "බොක්කා" fb page එකේ තිබ්බ ලිපියක් දැකලා තමයි ලියන්න හිතුනේ. වැඩි විස්තර කියන්න ඕනේ නෑ. මේවට කියන්නේ Orbs කියලා.

ඇත්තටම අපේ විදිහ තමා අපිට තේරුම ගන්න බැරි දෙයක් දැක්කම ඒක දෙවියන්ට හෝ අදෘශ්‍යමාන බලවේග වලට භාර දීලා නිකං ඉන්න එක. ලංකාවේ තිබ්බ camera ගැන ad එකකත් තිබ්බ හොල්මන් අහු නොවෙන camera එකක් කියලා දාලා.

සරලවම කිව්වොත් වෙන්නේ flasher එක lens එක ලග තියන දුවිලි වලට වැටුනම ඒ එලිය පරාවර්තනය වෙනවා.ඒවා තමා ඔය Orbs කියන්නේ.



 මේ පල්ලෙහා රූපේ වගේ lens එක ලගම flasher එක තියන camera වලදී තමා මේ සිදුවීම වෙන්නේ. එකේදී flasher එක දුවිලි වලට වැදිලා ඒ එලිය නැවත lens එකේ වැදුනම තමා ඔය තිත් ඇතිවෙන්නේ.

ඒවා ඇතිවෙන එක වලක්වන්න මෙන්න මේ වගේ flasher එක ටිකක් උඩින් හයි කරපු camera තියනවා.



මේ තියෙන්නේ ඔය orbs කියන ඒවා




සුභ දවසක්..........!!!
මේ වගේ අමුතු දේවල් දැන ගන්න යන ගමන් Like එකක් දා ගෙනම යන්ඩ.

5 comments:

  1. වටිනා අදහසක්. ඇත්තටම මමත් දැනගෙන හිටියා මේවා දේවතා එළි නොවෙයි කියලා. ඒත් මේවා නොදන්න අය ඕන තරම් ඉන්නවා. ඒ අයට මේ වගේ දේවල් කියවන්න දෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඒකනේ. මිනිස්සු මල් පහන් අරගෙන නැතිවෙච්ච දේවල් හොයාගන්න ගාල්තැන්නේ කපුවා ලගට ගියා.එයාගේ කෝටියක්‌ වටිනා මාලේ නැතිවුනාම ඒක එයාට හොයාගන්න බැරුව police යනවා.එත් අපේ අය තාමත් ඒ පස්සෙන් යනවා.කවදා මේ මිනිස්සු හැදෙයිද මන්දා

      Delete
  2. අයියෝ සමහර කඩවල මේ වගේ රූප රාමු කරලා ගහගෙන උදේ හවස මල් පහන් තියනවා. බලද්දි දූවිලි වලටනෙ වඳින්නෙ.

    ReplyDelete
  3. හොඳයි. අද ඉඳන් කියවන්නම්.

    ReplyDelete
  4. සුපිරි මච‘... මමත් නොදැන හිටිය දෙයක්...... මමත් දාගෙන බ්ලොග් පොස්ට් ලියුවට, මේ වගේ අඩවි වලට ලෙග් වෙනවා ඇයි.?? අද ඉදලා වත් ඒකත් කරන්න ඔන.. එල එල

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න.....