ads

Thursday, April 17, 2014

පිරිමි හා කාන්තා මොලයේ වෙනස්කම් (men vs women brain)

කාන්තා මොලයේ හා පිරිමි මොලයේ බොහොමයක් වෙනස්කම් තියනවා.ඒවා කීපයක් ගැන කරුණු වශයෙන් කියන්නම්.

01. වැඩ කිරීමේ හැකියාව

කාන්තා මොලයට එකවර වැඩ කීපයක් හොදින් කරන්න(multi tasking) පුළුවන්.එත් පිරිමි මොලේට එකවරකට කරන්න පුළුවන් එක වැඩක්(single tasking) විතරයි.
ඒ නිසා කාන්තාවකට සින්දුවක් රසවිදිනගමන් පොතක් කියවන්න පුළුවන්.එත් පිරිමියෙකුට ඒ දෙකම එකවර කරන්න බෑ.එක්කෝ සින්දුව අහන්න වෙනවා.නැත්තන් පොත කියවන්න වෙනවා.

02.කථනය හා ශ්‍රවණය

කාන්තාවකට කතා කරන ගමන් අනිත් අය කියන දේට ඇහුම්කන් දෙන්න පුළුවන්.පිරිමියෙකුට එකවර ඔය දෙකම කරන්න බෑ.
ඒ නිසා තමා කාන්තාවෝ පිරිසක් එක් රැස් උනාම එතන සද්දේ වැඩි.

03.මොලයේ ප්‍රමාණය

කාන්තාවකගේ මොලයේ ප්‍රමාණයට වඩා පිරිමියෙකුගේ මොලයේ ප්‍රමාණය 12% කින් පමණ විශාලයි.නමුත් හැකියාව කියන එක මොලේ ප්‍රමාණය මත රදා පවතින්නේ නෑ

04.ප්‍රශ්න විසදීම
පිරිමියෙකුට ප්‍රශ්නයක් ආවාම ඒක තනියම විසදගන්න බලනවා.ඒ නිසා ප්‍රශනයක් අවම පිරිමියක් බොහෝ වෙලා කල්පනා කර කර ඉන්නවා.
නමුත් කාන්තාවකට රශ්නයක් අවම ඇය ඒක තව කෙනෙකු සමග පවසමින් ආතතිය අඩු කර ගැනීමට පෙලබෙනවා.ඔවුන්ට ප්‍රශ්නය විසදාගැනීමට උත්සහ කිරීමට වඩා තව කෙනෙකු සමග පැවසීමෙන් ලොකු සහනයක් ලබනවා

05.භාෂාව

 පිරිමියෙකුට තම මවු භාෂාවට අමතරව තව භාෂාවක් ඉගෙන ගැනීම තරමක් අසීරු කාර්යක්.නමුත් කාන්තාවන්ට එය එතරම් අසීරු නෑ.ඒ නිසා තමයි හින්දි films බලන කාන්තාවන්ට හොදට හින්දි පුළුවන් වෙන්නේ.එත් පිරිමින්ට එහෙම film බැලුවට හින්දි පුළුවන් වෙනවා අඩුයි

06.ප්‍රස්ථාර හා සටහන් තේරුම් ගැනීම

ප්‍රස්ථාර හා නිවාස සැලසුම් ආදිය පිරිමියෙකුට පහසුවෙන් තේරුම් ගැනීමේ හැකියාවක් තියනවා.නමුත් එක කාන්තාවන්ට අපහසු දෙයක්.

07.වස්තුවක් ග්‍රහණය කර ගැනීම

පිරිමි මොළයකට ඉක්මනින් වස්තුවක ප්‍රමාණය හා වේගය ග්‍රහණය කර ගත හැක.නමුත් කාන්තා මොලයට එතරම් ඉක්මනින් ග්‍රහණය කර ගත නොහැක.එනිසා තමයි කාන්තාවන්ට රිය පැදවීම ආපසු වන්නේ.

මේ ලිපිත් කියවලා බලන්න
http://arunishapiro.wordpress.com/2011/11/16/ගැහැණු-මොළය-හා-පිරිමි-මොළ/
http://gossip.hirufm.lk/594/2014/02/women-brain
http://piresoft.blogspot.com/2014/03/way-we-remember-things-in-our-mind.html



සුභ දවසක්..........!!!
මේ වගේ අමුතු දේවල් දැන ගන්න යන ගමන් Like එකක් දා ගෙනම යන්ඩ.

5 comments:

  1. Successfully added your blog to Sindi Lanka. Thank you for joining with us

    ReplyDelete
  2. හරිම වටිනා දැනුම් කොටසක් කැටි කරපු ලිපියක්. මේ වෙනස්කම් ගැන හරි අවබෝධයකින් කටයුතු කරනවානම්, අපිට එදිනෙදා ජීවිතයෙදි ඇති වෙන ගෑණු-පිරිමි මතගැ‍ටුම් බොහෝමයක් අවම කරගන්න පුළුවන්.
    මෙතන නැති තව එක කරුණක් ගැන දවසක් මමත් ලිපියක් ලිව්වා, මිනිස් මතකයේ ගැහැණු පිරිමි වෙනස්කම් ගැන. කියවලා බලන්නකෝ ඒකත්!!
    "අපිට මතක තියෙන හැටි"

    ReplyDelete
    Replies
    1. ඔන්න අද ඉදන් මම ඔයාගේ blog එකත් follow කරන්න ගත්තා. :D. ඔකේ link එකකුත් ලිපියට දැම්මා

      Delete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න.....