ads

Tuesday, April 8, 2014

ඩිටර්ජන්ට් කුඩු (detergent powder) හා සාමාන්‍ය රෙදි සෝදන කුඩු අතර වෙනස

රෙදි සෝදන කුඩු වර්ග දෙකක් තියනවා. එකක් ඩිටර්ජන්ට් කුඩු. අනෙක සාමාන්‍ය රෙදි සෝදන කුඩු.

ලංකාවේ සමහර ප්‍රදේශ වල ජලය කිවුලයි.ඒ කියන්නේ ඒ ජලයේ මැග්නීසියම් හෝ කැල්සියම් අයන තියනවා.එතකොට සබන් හෝ සාමාන්‍ය රෙදි සෝදන කුඩු පාවිච්චි කරාට වැඩිය පෙන එන්නේ නෑ.ඒ නිසා හොදින් රෙදි සේදෙන්නෙත් නෑ

එකට හේතුව මැග්නීසියම් හා කැල්සියම් අයන සබන් සමග ප්‍රතික්‍රියා වෙලා පෙන එන එක අඩු කරන එක. මේකට විසදුමක් විදිහට තමා ඩිටර්ජන්ට් කුඩු පාවිච්චි වෙන්නේ.

ඩිටර්ජන්ට් කුඩු වල අමතර සංයෝග කීපයක් තියනවා.ඒවගෙන්  මැග්නීසියම් හා කැල්සියම් අයන අවක්ෂේප කරනවා.ඒ නිසා හොදින් පෙන එනවා.

ඔයාලගේ ප්‍රදේශයේ කිවුල නැත්තන් සාමාන්‍ය රෙදි සෝදන කුඩු යොදා ගන්න එක හොදයි.ඒකෙන් ආර්ථික වාසිය වගේම ඩිටර්ජන්ට් කුඩු නිසා සිදුවෙන ජලය දුෂණය වීමත් අඩු වෙනවා.

මේකෙම අනිත් පැත්ත තමා ලංකාවේ ටූත් පේස්ට්(tooth paste) වල කතාව.දත් වලට ෆ්ලෝරයිඩ් අයන අවශ්‍යයි.එත් ලංකාවේ සමහර පැති වල (අනුරාධපුර පොළොන්නරු) ජලයේ ෆ්ලෝරයිඩ් අයන ප්‍රමාණය වැඩි. ඒ නිසා තමා ඒ ප්‍රදේශයේ බොහෝ දෙනාගේ දත් කහ පාට වෙන්නේ.එහෙම තියෙද්දී ෆ්ලෝරයිඩ් තියන tooth paste පාවිච්චි කරාම එක වැඩි වෙනවා.

සුභ දවසක්..........!!!
මේ වගේ අමුතු දේවල් දැන ගන්න යන ගමන් Like එකක් දා ගෙනම යන්ඩ.

1 comment:

  1. වැදගත් කතාවක් ස්තුතියි කියල දුන්න‍ට

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න.....