ads

Sunday, May 29, 2016

විද්‍යාත්මකව "වශී ගුරුකමක්" කරන විදිහ

ඉරිදා පත්තරයක තියන Advertisement ටික බැලුවොත් බලන්න පුළුවන් අපේ මිනිස්සු කොච්චර ඕවා පස්සේ යනවද කියලා.පිටු පිරෙන්න ads දාන්න තරම් ආදායම් එයාලට එනවා. මම අද කියන්න යන්නේ ටිකක් වෙනස් කතාවක්. වශී ගුරුකම් ඇත්තටම කරන්න පුළුවන් කියලයි මම කියන්නේ. ඔය පත්තරවල ads දාන එවුන් ගැනනම් මම කියන්න යන්නේ නෑ. ඒවා පස්සේ යන්නත් එපා.

Wednesday, January 13, 2016

ලංකාවේ හරි මැද කොහෙද?

    ලංකාවේ හරි මැද විදිහට ගොඩක් දෙනෙක් පිළිගන්නේ නාලන්දා ගෙඩිගේ. නාලන්දා ගෙඩිගේ ගැන දන්නා ගොඩක් දෙනෙක් මේ කතාව අහලා ඇති. මෙතැන click කරලා Map එකෙන් තියන තැන බලා ගන්න. හැබැයි මම Map එකෙන් බලද්දිම ඇහේ පෙනුමටම පෙනුනා මෙතැන රටේ මැද වෙන්න බෑ  කියලා. ඇහේ මිම්මට බලලා බෑ නේ. ඉතින් මම google map එකෙන්ම දුරවල් මැන්නා. එතකොට හොඳටම පෙන්නවා මේක ලංකාවේ මැද වෙන්න බෑ කියලා. මේ තියෙන්නේ නාලන්දා ගෙඩිගේ

Monday, October 5, 2015

ටයර් වල කට්ට තියෙන්නේ ඇයි? ( ඝර්ශනයට නම් නෙවේ)

ටයර් වල කට්ට තියෙන්නේ ඇයි? එහෙම නැත්තන් සෙරෙප්පු වල කට්ට තියෙන්නේ ඇයි? කියලා ඇහුවොත් ගොඩක් දෙනෙක් කියන්නේ එකෙන් ගර්ශනය වැඩි වෙනවා කියලා. ඇත්තටම කිව්වොත් කට්ට තියෙන්න ප්‍රධාන හේතුව ඒක නෙවේ. නමුත් ඝර්ෂණය (ලිස්සන ගතිය අඩු කිරීමත්) වැඩි වීමත් සිදු වෙනවා.

Saturday, December 20, 2014

කාබන් මොනොක්සයිඩ් (CO)

වාහනේ දුම් පරික්ෂාවට ගියාම එතන තිබ්බ කාබන් මොනොක්සයිඩ් එලාම් එක දැක්කම තමා මේ ලිපිය ලියන්න හිතුවේ. දුම් පරික්ෂාව නියමාකාරව සිද්දවෙනවනම් සල්ලි ගෙවන්න උනත් වටිනා වැඩක්.

කාබන් පරමාණුවක් හා ඔක්සිජන් පරමාණුවක් එකට බැදිලා තමා කාබන් මොනොක්සයිඞ් හැදෙන්නේ(CO). කාබන් වලට ඔක්සිජන් දෙකක් බැදිලා හැදෙන කාබන් ඩයොක්සයිඩ් අපිට විස නොවුනට CO නම් මාරාන්තික විෂ සහිතයි.

Tuesday, November 4, 2014

A4 size කොලයක් 42පාරක් නැවුවම හදට යන්න තරම් උසයි

A4 ප්‍රමාණයේ කොලයක් 42 පාරක් නැවුවම හදට යන තරම් උසයි.එත් ඒක හිතාගන්න අමරයි නේද?

පෘතුවියේ ඉදලා සඳට තියන දුර 384000 km

A4 කඩදාසියක ගණකම 0.01cm හෙවත් 0.1mm විතර වෙනවා.ඒ කියන්නේ පෘතුවියේ ඉදන් හදට කොළ ගොඩ ගැහුවොත් කොල 3840 000 000 000 000ක් ඕනේ වෙනවා.

ඒ උස A4 කොලයක් 42 පාරක් නැමුවම එනවා.

Tuesday, September 2, 2014

විවිධ සතුන් ලෝකය දකින හැටි ඔවුන්ගේ ඇසින් - (how animals see the world)

එක එක සත්තු ලෝකය දකින්නේ එක එක විදිහට. බල්ලනම් black&white කියන එක ප්‍රසිද්දයි.එත් ඒක එහෙම්මම නෙවේ. මෙහෙම බැලුවම ලෝකේ ලස්සනටම දකින්නේ මිනිස්සු කියලත් හිතෙනවා.

animation images නිසා සමහර විට load වෙන්නනම් ටිකක් වෙලා යයි.එත් බැලුවොත් අලුත් දෙයක් ඉගෙන ගනී කියලනම් sure.

Monday, August 25, 2014

ඉව හොදටම තියන සතුන් 10 දෙනා (Best 10 Sniffers)

බොහෝ දෙනෙක් හිතන්නේ ඉව හොදටම තියන සතා බල්ලා කියලා.එත් බල්ලට වඩා ඉව තියන සත්තු ඉන්නවා.එත භාවිතයේ පහසුව නිසා තමා බොහෝ විට බල්ලන් යොදා ගන්නේ.මම මේ ගැන internet එකේ හොයලා බලද්දී සමහර තැන වල තිබ්බ පිළිවෙල මිට වඩා චුට්ටක් වෙනස්.එත් බොහොමයක් තැන වල තිබ්බ පිළිවෙලට අනුව මම සත්තු ටික පෙළ ගැස්සුවා.

පරීක්ෂකයන් දැන් බෝම්බ සොයන්න මීමැස්සන් පුහුණු කරවනවා.මොකද ඒ තරම් හොද ඉවක් මිමැස්සන්ට තියන නිස‍ා.

ඒ වගේම රුධිරය ඉව කරලා පිළිකා සොයා ගන්නත් බල්ලන්ව පුරුදු කිරීමටත් පරීක්ෂණ සිදුවෙමින් පවතිනවා.

Wednesday, July 23, 2014

යන්ත්‍ර කීපයක් වැඩ කරන හැටි (GIF Animation පින්තුර)

යන්ත්‍ර කීපයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය මේ animation ටිකෙන් හොදට පැහැදිලි වෙනවා.මට කාලයක් ප්‍රශ්නයක් වෙලා තිබ්බ මහන මැෂිම වැඩ කරන හැටිත් මේකෙන් හොදට පැහැදිලි උනා.බලලම කියන්නකෝ අලුත් දෙයක් ඉගෙන ගත්තේ නැද්ද කියලා.

හැබැයි images ටිකක් ලොකු නිසා internet connection එක slow නම් load වෙන්න වෙලා යයි.එත් බලන්න වටිනවා.