ads

Sunday, February 23, 2014

අයින්ස්ටයින් කියපු විදිහට කාලය හරහා ගමන් කරන්නේ කොහොමද?

අයින්ස්ටයින් කියලා තියනවා අපිට ආලෝකයේ ප්‍රවේගයෙන් යන්න පුලුවන්නම් අපිට කාලය හරහා යන්න පුළුවන් කියලා.ඒ කතාව ඇත්ත.එත් යන්න පුළුවන් අතීතයට විතරයි.එත් වෙන්නේ අතීතය දකින්න පුළුවන් වෙන එක විතරයි.තාත්වික ලෝකයකට යන්න බෑ.ඒක වෙන්නේ මෙහෙමයි.






අපිට යමක පෙනෙන්නේ ඒ වස්තුවේ ඉදලා ආලෝකය අපේ ඇසට ඇවිත් වැටුනම.අපිට පෙනෙන සමහර තාරුකා තියෙන්නේ ආලෝක වර්ෂ ගණනාවක් ඈත.(ආලෝක වර්ෂයක් කියන්නේ ආලෝකය වසරක් තුල ගමන් කරන දුර.ඒ නිසා ආලෝක වර්ෂ වලින් මනින්නේ දුර)

අපි හිතමුකෝ ආලෝක වර්ෂයක් ඇතින් තරුවක් තියනවා කියලා.ඒක දැන් අපිට පෙනුනට පෙනෙන්නේ මිට අවුරුද්දකට කලින් එකෙන් නිකුත් වුනු ආලෝකය.මොකද ආලෝක වර්ෂයක් ඇතින් තියන නිසා ඒකෙන් නිකුත් වුන කිරණය අපේ ඇසට එන්න අවුරුද්දක් ගතවෙනවනේ.ඒ කියන්නේ මේ වෙනකොට ඒ තරුව තියෙන්නේ වෙන කොහේ හරි.


දැන් අපි ගමු ඔයාගේ යාලුවෙක් ඔයා ලග ඉන්නවා.එයාව ඔයාට පේනවා.මුලින්ම අත් දෙක උස්සගෙන ඉදලා දැන් අත පාතට දාලා දැන් අත් දෙක හොලව හොලව ඉන්නවා.ඒ කිරණය එයාගේ ඉදලා ඔයා ලගට එන්නේ ආලෝකයේ ප්‍රවේගයෙන්.ඔයා ආලෝකයේ ප්‍රවේගයෙන් ඒ කිරණය ගමන් කරන දිශාවට ගියොත් ඔයාට පෙනෙන්නේ  එයා අත්දෙක හොලවන්නේ නෑ වගේ.මොකද එයාගෙන් නිකුත්වුන කිරණයේ වේගයෙන්ම යන නිසා හැම වෙලේම පෙනෙන්නේ ඒ එකම රුපය නිසා.

ඒ වගේම තමා ආලෝකයේ ප්‍රවේගයට වඩා වැඩි ප්‍රවේගයකින් ගියොත් ඊට කලින් එයාගෙන් නිකුත් වෙච්ච කිරණය හමු වෙනවා.ඒ කියන්නේ එයා අත්දෙක උස්සගෙන හිටපු අවස්ථාව දකින්න පුළුවන්.

ඒ කියන්නේ ඔයා අතීතයට ගමන් කරලා තියනවා කියන එකනේ.

තේරුනාද මන්දා??????


සුභ දවසක්..........!!!
මේ වගේ අමුතු දේවල් දැන ගන්න යන ගමන් Like එකක් දා ගෙනම යන්ඩ.

9 comments:

  1. මුලින්ම *ඇත දෙක උස්සගෙන

    *අත්

    ReplyDelete
    Replies
    1. ඔන්න හරි. ඒක වෙනස් කළා. ස්තුතියි. පෙන්නුවට

      Delete
  2. හොඳ සරල පැහැදිළි කිරීමක් ,

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රතිචාරයට. :)

      Delete
  3. hodata tharuna - N

    ReplyDelete
  4. සරලම පැහැදිලි කිරීමක් හැටියට නං මේක අති සාර්ථකයි!!
    ඒත් මං හිතන්නේ, මේ සරල බව ‍රැකගෙනම, මෙතන කියවෙන්නේ නැති ඉතුරු කතා ටිකත් කියන්න උත්සාහා කලොත් නරකද????
    අර පණු හිල් තියරිය එහෙම??

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. Slots Machines - Jackson Casino Hotel
    Slots machines (like table games) are 용인 출장마사지 played to ensure a 김포 출장샵 casino's 전라북도 출장샵 payout. Slots machines pay with less money and more money. 경산 출장안마 The same 제주도 출장샵 logic applies to slot machines

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න.....