ads

Saturday, December 20, 2014

කාබන් මොනොක්සයිඩ් (CO)

වාහනේ දුම් පරික්ෂාවට ගියාම එතන තිබ්බ කාබන් මොනොක්සයිඩ් එලාම් එක දැක්කම තමා මේ ලිපිය ලියන්න හිතුවේ. දුම් පරික්ෂාව නියමාකාරව සිද්දවෙනවනම් සල්ලි ගෙවන්න උනත් වටිනා වැඩක්.

කාබන් පරමාණුවක් හා ඔක්සිජන් පරමාණුවක් එකට බැදිලා තමා කාබන් මොනොක්සයිඞ් හැදෙන්නේ(CO). කාබන් වලට ඔක්සිජන් දෙකක් බැදිලා හැදෙන කාබන් ඩයොක්සයිඩ් අපිට විස නොවුනට CO නම් මාරාන්තික විෂ සහිතයි.




රුධිරයේ  හිමොග්ලොබින් තමා ඔක්සිජන් අරගෙන ගිහින් සෙෙල වලට ගෙනියන්නේ.පෙනහළු වලින් ඔක්සිජන් ලබාගෙන ඔක්සිහිමොග්ලොබින් කියන සංයෝගය මගින් ඔක්සිජන් ගෙනියලා සෙෙල වලට ආවම ඔක්සිජන් එක ගලවලා සෙෙල වලට දෙනවා

අපිට CO ආග්‍රහණය උනාම ඒවා රුධිරයේ තියන හිමොග්ලොබින් එක්ක තද රතු සංකීර්ණ සංයෝගයක් හදනවා.ඒක ඔක්සිහිමොග්ලොබින් වගේ ලේසියෙන් කැඩෙන සංයෝගයක් නෙවේ. මේ නිසා CO හිමොග්ලොබින් එක්ක එකතු වෙලා සංයෝගය හැදුවම ඔක්සිජන් පරිවහන දුර්වල වෙනවා.මේ නිසා මරණය උනත් වෙන්න පුළුවන්.

BBQ දාන්න හා නුවර එළියේ වගේ සිතල ප්‍රදේශ වල ගිනි උදුන් සදහාත් ගල් අගුරු භාවිත වෙනවා.ගල් අගුරු කියන්නේ කාබන්. මේවා දහනයේදී CO නිපදවෙනවා. මේ නිසා BBQ දානවනම් හොදට වාතාශ්‍රය තියන එළිමහන් ප්‍රදේශයක් තොර ගන්න. මදුසමයට නුවරඑළි ගිය යුවලක් පසුවද උදේ වෙද්දී ගිනි උදුනෙන් පිට උන CO නිසා මරණයට පත් උන සිද්දියකුත් මිට වසර කීපයකට පෙර උනා මතක ඇති.

ගර්භනී මාතාවන් විශේෂයෙන් CO වලින් ප්‍රවේශම් වෙන්න ඕනේ. ගර්භනී කාලයේදී මව වැඩිපුර CO අග්‍රහණය උනොත් දරුවට ලැබෙන ඔක්සිජන් මදි වෙන නිසා "නිල් දරු උපත්" ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ගබ්සා වීමේ අවධානමකුත් තියනවා.

වෙඩි තැබීමෙන් කල මිනි මැරුම් වලදීත් CO හොද සාක්කියක් වෙනවා. කලින් කිව්වනේ හොමොග්ලොබින් එක්ක CO එකතු වෙලා තද රතු සංකීර්ණයක හදනවා කියලා. තුවක්කුවකින් වෙඩි තියද්දි CO සෑදෙනවා. තුවක්කුව හා මිනිසා අතර දුර අඩුනම් උණ්ඩය සමග යන CO මිශ්‍රිත වාතය නිසා වෙඩි වැදීමෙන් සැදෙන තුවාලය අවට ලේ වල හිමොග්ලොබින් සමග තද රතු සංකීර්ණය සැදෙනවා. මේකෙන් පුළුවන් වෙඩි තිබ්බේ ලග ඉදලද දුරක ඉදලද කියලා හොයන්න.

1 comment:

  1. CO is manufactured by partial combustion of biomass using a process called gasification. CO and hydrogen gas mixture is then purified and used for electricity generation.

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න.....