පෘතුවියේ ඉදලා සඳට තියන දුර 384000 km
A4 කඩදාසියක ගණකම 0.01cm හෙවත් 0.1mm විතර වෙනවා.ඒ කියන්නේ පෘතුවියේ ඉදන් හදට කොළ ගොඩ ගැහුවොත් කොල 3840 000 000 000 000ක් ඕනේ වෙනවා.
ඒ උස A4 කොලයක් 42 පාරක් නැමුවම එනවා.
එක පාරක් නැමුවම 0.2mm
දෙපාරක් නැමුවම 0.4mm
තුන්පාරක් නැමුවම 0.8mm
හතරපාරක් නැමුවම 1.6mm
ඔන්න ඔය විදිහට වර්ග වේවි යනවා. එතකොට හදට යන්න තරම් උස එනවා.
ඔය වගේ ගණනයක් ගැන පොදෝ කතාවකුත් කියන්නම්කො.දාන් සෙල්ලම හොයා ගත්ත කෙනාට ඒ දවස වල රජතුමා රජවාසලට එන්න කියලා තිබ්බලු.රජාටත් සෙල්ලම ගැන ආස හිතුන නිසා කැමති තෑග්ගක් ඉල්ලන්න කිව්වා.එතකොට මේ සෙල්ලම හොයා ගත්ත කෙනා කිව්වා දාන් ලෑල්ලේ පලවෙනි කොටුවට එක වී ඇටයක්,දෙවෙනි කොටුවට වී ඇට දෙකක්,තුන්වෙනි කොටුවට වී ඇට 4ක් විදිහට වී ටිකක් කොටු 64ටම තියලා දෙන්න කිව්වලු.
රජුටත් ටිකක් කේන්ති ගිහින්.ඇයි ඉතින් නිකන් වී ටිකක් ඉල්ලුවම රජාටත් හරි නෑ වගේනේ.ඊලග දවසේ එන්න කිව්වලු වී ගෙනියන්න. පස්සේ රජතුමාගේ පුරෝහිතලා ගණන කරලා බලද්දී ඒ තරම් වී හොයන්න්නනම් මුහුදත් ගොඩ කරලා සම්පුර්නෙන්ම වී විතරක් හැදුවත් මදිලු.
සුභ දවසක්..........!!!
මේ වගේ අමුතු දේවල් දැන ගන්න යන ගමන් Like එකක් දා ගෙනම යන්ඩ.
කොහොමද හදට යන්නේ? හද කියන්නේ හදවතනේ. තමුන්ට සඤ්ඤක අකුරු බැහැ නේද. ඉස්සරවෙලා සිංහල ලියන්න ඉගෙනගන්නවා.
ReplyDeleteමේක ජීවිතයට Science මිසක් ජීවිතයට සිංහල නෙමෙයි නේද? ඔය වගේ පොඩි අතපසු වීමකට ඔහොම කියන එක හරිද?
Deleteපට්ට සීන් එක. නොදන්නදේ තවත් ලියන්න.. ආ ආආ අමතක වුනා කියන්න. මිනිස්සු කියන කතා අහන්නෙපා. පළ ඇති රුකටනෙ ගල් ගහන්නෙ...
ReplyDeleteමෙහෙමයි ඔයා මාත් එක්ක පොඩි ගිවිසුමකට එන්න. මම ඔයාට පලවෙනි සවසේ 5000 ක් දෙනවා ඔයා මට රුපියල් 100ක් දෙන්න. ඊළඟ දවසේ මම ඔයාට 5000 ක් දෙනවා ඔයා 200 ක් දෙන්න. තුන්වෙනි දවසේ මම ඔයාට 5000 ක් දෙනවා ඔයා 400 ක් දෙන්න. ඔය විදිහට දිගටම ගනුදෙනුව වුනොත් ලෝකෙම සල්ලි මං ගාව එකතු වෙනවා. පිස්සු හැදෙනවා නේද අය්යේ?
ReplyDelete