ads

Sunday, May 29, 2016

විද්‍යාත්මකව "වශී ගුරුකමක්" කරන විදිහ

ඉරිදා පත්තරයක තියන Advertisement ටික බැලුවොත් බලන්න පුළුවන් අපේ මිනිස්සු කොච්චර ඕවා පස්සේ යනවද කියලා.පිටු පිරෙන්න ads දාන්න තරම් ආදායම් එයාලට එනවා. මම අද කියන්න යන්නේ ටිකක් වෙනස් කතාවක්. වශී ගුරුකම් ඇත්තටම කරන්න පුළුවන් කියලයි මම කියන්නේ. ඔය පත්තරවල ads දාන එවුන් ගැනනම් මම කියන්න යන්නේ නෑ. ඒවා පස්සේ යන්නත් එපා.



අපිට සියලුම හැගීම් එන්නේ හෝමෝන වලින්. අපිට දුක, සතුට, ආදරය, වේදනාව, තරහා වගේම අපිට දැනෙන සියලු හැගීම් එන්නේ හෝමෝන හා ශරීරයේ සිදුවන රසායනික ක්‍රියා මගින්. ආදරය දැනෙන හෝමෝනය (හෝ රසායනනිකය) අවාම අපිට මොලයෙන් හැගීමක් දනවනවා.එතකොට තමා කෙල්ලෝ, කොල්ලෝ පස්සෙත්..... කොල්ලෝ, කෙල්ලෝ පස්සෙත් යන්න ගන්නේ. විශේෂයෙන් අවුරුදු 15, 16 විතර වෙනකොට මේ එන හැගීම ජිවිතයට අලුත් දෙයක් වෙනවා. ඕක ආවම තමන් කෙල්ලෝ/කොල්ලෝ පස්සේ වහ වැටිලා වගේ යනවා (සමහරු). වෙන හැගීම් වලට වඩා මේක වැඩිපුර දැනෙන ඒ කාලෙට තමන් ගන්න තීරණය හරිද වැරදිද කියලා හරියට පෙන්නේ නෑ. ඒ නිසා වෙන්න ඇති ආදරය අන්ධයි කියනවා ඇත්තේ.

ඒ කතාව පැත්තක තියලා හැරෙමු ආයෙත් මාතෘකාව පැත්තට. ඉතින් අපිට මේ හෝමෝන (ඕවට කියන නම වෙනස්ද දන්නෙත් නෑ. මොකද මම bio කරලා නෑ) එන ප්‍රමාණය අඩු වැඩි කරලා පාලනය කරන්න පුලුවන්නම් හිතට දැනෙන හැගීමත් පාලනය කරන්න පුළුවන් වෙනවා. මානසික රෝගීන්ට දෙන ඖෂධ වලින් මේ විදිහට තරමක් හෝමෝන පාලනය කරනවා. එකෙන් එයාගේ හැගීම් පාලනය වෙනවා.

ඉතින් මේ විදිහටම කෙනෙක්ගේ හිතේ බලෙන් ආදරයක් ඇති කරන්න පුළුවන්.පිටින් බෙහෙත් දීලා අදාළ හෝමෝනය ශ්‍රාවය කරානම් හරි. ඒ කියන්නේ ඔය වශියක් කරලා තේ එකට දාල දෙන්න කියන කුඩු ජාතියෙන් අදාළ හෝමෝනය ශ්‍රාවය කරනවනම් වැඩේ ගොඩනේ.ඒ කියන්නේ වශිය වැඩ.

හැබැයි මන්තර ගුරුකන්නම් මම දශමයක්වත් විස්වාස කරන්නේ නෑ. නූල් පන්නන seen එහෙමනම් පට්ටපල් බොරු. එහෙමයි කියලා මම කියන්නේ නෑ අර විදිහට කරන වශී වැඩ කරනවා කියලා. මම කිව්වේ විද්‍යාත්මකව ගත්තොත් ඒක කරන්න පුළුවන් දෙයක් විතරයි කියලා. ඒ නිසා මගේ අදහස වැරදියට තේරුම් ගන්න එපා. අපේ පාරම්පරික වේදකමේත් මානසික රෝග වලට බෙහෙත් කරලා තියනවනේ. ඒ නිසා ඒ කලේ ඕවා තියෙන්නත් ඇති. (තියනවමයි කියලා මම කියන්නේ නෑ. මේක උපකල්පනයක් විතරයි)

වශිය වැඩ කරා කියලා අපි උපකල්පනය කරමුකෝ. හැබැයි ඔය වැඩෙත් ලොකුම ලොකු කොස්සක් තියනවා. ආදරය කියන හැගීම ඇති උනත් ඒක ඔය වශිය දීපු එකාගේ පැත්තටම ඇති වෙයි කියලා කාටවත් කියන්න බෑ. ආදරය වෙන එකෙක් දිහාට ඇතිවෙන්නත් ලොකු ඉඩක් තියනවා.  එහෙම උනොත් වැඩේ බකස්....

නිකන් ඉන්නකොට මේ වගේ විකාර අදහස් එනවා. එන්න එහෙම ආව අදහසක් ලියලා දැම්මා. ඔයාලටත් හිතෙන දෙයක් පහලින් කොටලම යන්න.

No comments:

Post a Comment

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න.....