ads

Friday, March 21, 2014

ලොතරැයියක් ඇදෙන්න තියන සම්භාවිතාව ගණනය කරමු.

ගොඩක් කට්ටිය තියන ප්‍රශ්නවලින් ගොඩ එන්න හිතගෙනත් එක්ක ලොතරැයි ගන්නවනේ.එත් මේකට කියක් හරි ඇදෙන්න තියන සම්භාවිතාවය කියාද කියලා නිකමටවත් හිතලා බලන්නේ නෑ.

අපි පොඩ්ඩක් ලොතරැයියක් ඇදෙන්න තියන ඉඩකඩ ගණනය කරලා බලමු.බොහෝ විට ඔබ හෙට ඉදං ලොතරැයි ගන්න එක නවත්තයි කියලා මම හිතනවා.
ගොඩක් ටිකට් වල ඉලක්කම් දෙකේ අංක හතරක් හා ඉංග්‍රීසි අකුරක් තියනවා.සුපිරි තෑග්ගටනම් මේ ඔක්කොම හරියන්න ඕනේ.

උදා:- V     52  36  56  98


ඕක දිනුම් අදින්න 01 ඉදං 99 වෙනකන් බෝල ගොඩක් අර මැෂිම ඇතුලට දානවා.ඒ කියන්නේ බෝල 99ක් දානවා.අපි ගණනය කරන්න ලේසි වෙන්න 100ක්ම දානවා කියලා ගමු.

එතකොට එක අංකයක් හරියන්න තියන සම්භාවිතාව වෙන්නේ සියට 1යි(0.01යි).මොකද තියන බෝල සීයෙන් එකක් කනවට ගද්දි ඒක ඔයාගේ අතේ තියන අංකය වීමේ හැකියාව වෙන්නේ 1/100යි නේ.

ඒ කියන්නේ රුපියල් 20ක් ඇදෙන්න තියන ඉඩකඩ 4% (මොකද අර හතරෙන් කොතන තිබ්බත් කමක් නෑ නේ.ඒ නිසයි හතරෙන් ගුණ කරේ.)

ඒ විදිහටම අංක දෙකක් හරියන්න තියන සම්භාවිතාව වෙන්නේ සියට එක ගුණ කිරීම සීයට එක.
ඒ කිව්වේ සම්භාවිතාවය

=1/100 x 1/100
=1/10000
=0.0001  (දහ දාහකට එකයි)

ඔය විදිහට අංක හතරම හරියන්න තියන ඉඩකඩ
=1/100 x 1/100 x 1/100 x 1/100
=1/100000000
=0.00000001

ඒ කියන්නේ ලක්ෂ දහයක් ඇදෙන්න තියන ඉඩකඩ වෙන්නේ මිලියන 100කට එකයි.

එත් සුපිරි තෑග්ග ඇදෙන්නනම් ඉංග්‍රීසි අකුර හරියන්නත් ඕනේ.ඉංග්‍රීසි අකුරු 26ක් තියන නිසා කොටි තුනක් හතරක් වෙන සුපිරි තෑග්ග ඇදෙන්න තියන ඉඩකඩ වෙන්නේ මිලියන 2600කට එකයි.එහෙම නැත්තන් කෝටි 26කට එකයි.

එහෙම වෙන්නේ අංක හතරම පිළිවෙලට තියෙන්න ඕනේ උනොත්.අංක හතර කොහේ හරි තිබ්බට කමක් නැත්නම් සම්භාවිතාව 4x3x2x1 න් වැඩි වෙනවා.(පලවෙනි අවස්ථාවේ අංක හතරකින් එකක් වෙන්න පුළුවන්.දෙවැනි අවස්ථාවේ ඒ අංකෙ ඉවත් කරාම තව අංක 3ක්‌ ඉතුරුයි.ඒ නිසා දෙවෙනි අංකෙ අර අංක තුන ඇතුලේ තියෙන්න පුළුවන්.අන්න ඒ විදිහට ගත්තම)

එහෙම ගත්තම ඇදෙන්න තියන ඉඩ කඩ
= මිලියන 2600/24
=මිලියන 108කට එකයි
=කොටියෙන් එකකටත් වඩා අඩුයි..

ටිකට් එකක් ගන්න කලින් හිතලා බලන්න .ලංකාවේ ජනග්‍රහණයත් කෝටි 2යි.ඒකෙන කියෙන් කීදෙනාද ටිකට් ගන්නේ.ඒ නිසා ටිකට් මුද්‍රණය කරන ප්‍රමාණය කියක් වෙයිද කියලා.එතකොට ඒ ගහන ටිකට් අතරේ සුපිරි තෑග්ග නොතිබීමේ ඉඩකඩත් වැඩි. මේක තනිකරම මිනිස්සු රැවට්ටිමක් විතරයි.

සැ.යු:-මේකෙදි බෝල 99ක් දානවද දන්නේ නෑ.සමහර විට එක ඊට අඩු වෙන්න පුළුවන් ඒත් 70ඉලක්කම තියන ටිකට් දැකලා තියනවා.ඒ කියන්නේ අවම බෝල 70ක් වත් දානවා.

අනික තමා දෙවන අංකය අදිද්දී  තියෙන්නේ බෝල 99යි.මොකද එකක් කලින් අංකෙදි අයින් වෙනවනේ.ඒක නොසලකා හැරියා.ගණනය කිරීමේ පහසුවට.




සුභ දවසක්..........!!!
අලුත් ලිපියක් පළඋනාම  Facbook එකෙන් දැනගන්න,Like එකක් දාලම යන්න

5 comments:

  1. ටිකට් ඇදෙන අයට එක දවසකට වියදං වෙන ගානට වඩා බොහෝම ැවඩි මුදලක් තෑග්ග විදියට ලැබෙන නිසා මිනිස්සු කවදා හරි ඇදේවිය කියලා ටිකට් ගන්නවා.

    ReplyDelete
  2. හ්ම්.... මම නම් ගන්නෑනේ ඒක නිසා ... අව්ලක් නෑ.... සූදු නම් එපෝ..........

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්.එත් ඉතින් අනිත් සූදු වගේ ලොකු ලොකු ගණන කෙලවෙන්නේ නැති නිසා අනිත් ඒවාට සාපේක්ෂව එච්චරම නරක නෑ.මොනවා උනත් සූදූනම් ඕනෙම නෑ

      Delete
  3. ‍ලොතරැයි මණ්ලයේ වාර්ෂික වාර්තාවක් බැලුවොත් දැන්ගන්න හැකියි. වරකට මුද්‍රණය කරන ටිකට් පත් ගණන.

    ReplyDelete
  4. උන්ට කොටි 5ක් හම්බවෙද්දී අපිට ලක්ෂ 10ක් දෙනවා. කොටි කීයක ලාභයක්ද නේද?

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න.....