ads

Saturday, December 14, 2013

වාහනයක Differential එක(අවකලකය) වැඩ කරන හැටි

මෙන්න මේකයි කතාවේ ආරම්භය.A Level Maths වල තියනවනේ අවකලනය කියලා පාඩමක්.එක එක විදිහේ ගණන් දෙනවා අවකලනය කරලා දෙන්න කියලා.එත් ඉතින් මට තිබ්බ ප්‍රශ්නේ තමා ඔකේ ඇති ප්‍රයෝජනය මොකක්ද කියලා.ඉතිං මාත් සර් ගෙන් අහලා බැලුවා.

එතකොට තමා මට වාහනේ Differential එක ගැන කියලා දුන්නේ.මේකේ තියෙන්නේ අවකලනයේ දීමක්‌ කියලා.


වාහනයක් වංගුවක් ගද්දි එකේ වංගුව පැත්තේ තියන රෝදෙට වඩා වැඩි දුරක් වංගුවට පිටින් තියන රෝදේ ගමන් කරනවා.ඒ නිසා වංගුවකදී රෝද දෙක කැරකෙන speed එක වෙනස් වෙන්න ඕනේ.


එත් රෝද දෙකම එක ඇක්සල් එකකට හයි වෙලා තිබ්බොත් ඉතිං එහෙම වේග දෙකකින් රෝද දෙක කැරකෙන්නේ නෑ.ඒ නිසා තමා Differential එක හැදුවේ (ලොරි වල එහෙම ගෙඩියක් වගේ යට පේන්න තියෙන්නේ)

එහෙම නැති උනානම් අපි පොඩ්ඩක් speed ගියත් වංගුව ගන්න බැරුව පිට පනිනවා.

මේ නිසයි කියන්නේ වංගු වලදී brake කරන්න එපා කියලා.(වංගුවට කලින් speed එක අඩු කරගෙන එන්න දැනගන්න ඕනේ) වංගුවකදී brake කරාම Differential  එකේ ක්‍රියාකාරිත්වය හරියට සිද්ධ වෙන්නේ නෑ.එතකොට වාහනේ වංගුවෙන් පිට යන්න පුලුවන්.

මෙන්න මේ video එක බලන්න.එතකොට ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන්.






ජය වේවා...........!!!
මගෙ Blog එකෙ Updates Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.

2 comments:

  1. තැන්කූ මචෝ.. සිරාවටම මේ ඉගෙනගන්න ඒවා මොනවටද කියල හිතාගන්න බැරි වුණාම එපාවෙනවා. ;) ඔබට ජය!!

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න.....