ads

Sunday, December 15, 2013

වතුර උණු කරලා බොන්නේ පරිස්සමෙන් (පිළිකා අවධානම අඩු කරගන්න)

පිළිකාවක් කියන්නේ අනවශ්‍ය ලෙස සිදුවෙන සෛල වර්ධනයකට.

වතුර උණු කරලා බොන්න ඕනේ කියලනේ කියන්නේ.එත මම දන කියන්න යන්නේ උණු කරලා බොනවට වඩා නිකන්ම බොන එක හොදයි කියලා.

වතුරේ තියන විෂබීජ නැති වෙන්න හොදට නටනකන් උණු කරන්න ඕනේ.එත් එකේ තවත් නරක පැත්තක තියනවා.

බොහෝ විට වතුර උණු කරන්න ගන්නේ ඇලුමිනියම් භාජන.මේවගේ වතුර උණු වෙද්දී ඇතිවන වාෂ්ප නිසා භාජනයේ ඔක්සයිඩ පටලයක් ඇති වෙනවා.ඇලුමිනියම් ඔක්සයිඩ් කියන්නේ පිළිකාකාරකයක්.
එහෙමයි කියලා උණු නොකර බිව්වොත් විෂ බිජ නිසා ලෙඩ හැදෙනවා.මේ නිසා හොදම දේ තමා water filter එකක් පාවිච්චි කිරීම.දැන් ඔයාලා දන්නා කිදෙනෙක්ට පිළිකා තියනවද බලන්නකෝ.මේ වගේ ගොඩක් හේතු පිළිකා ඇතිවෙන්න බලපානවා.ඒ නිසා ටිකක් වැඩි ගානක් දීලා pure it වගේ හොද filter එකක් ගත්තට පාඩු නෑ.සෙරමික් බෝල් එකක් තියන filter වලට වඩා මේකේ ක්‍රියාකාරිත්වය ගොඩක් හොදයි.


Filter එකක් ගත්තට බොහෝ දෙනෙක් වැඩි හොදට filter එකට දාන්න කලින් වතුර උණු කරනවා.එත් අර වගේ ඇලුමිනියම් වල උණු කරොත් වෙන්නේ හානියක්.

කෑම උයද්දීත් ඒ වගේම තමා.ඇලුමිනියම් වල උයද්දී දෙහි,විනාකිරි වගේ acid නිසා විවිධ හානිකර විෂ රසායන ද්‍රව්‍ය ඇති වෙනවා.ඒ නිසා දැන් බොහෝ දෙනෙක් මැටි භාජන භාවිතා කරනවා.එත් එකෙත් නරක පැත්තක් තියනවා.

මැටි භාජන වල ඉතා කුඩා සිදුරු තියනවා.භාජනේ ගෑස් ලිපේ තියලා උයද්දී නොදැවුණු ගෑස් අංශු මේ සිදුරු තුලින් ඇවිත් අහාර වලට මුසු වෙනවා.ඒ වගේම ගෑස් වලට අවේනික සුවදක් එන්නත් රසායන ද්‍රව්‍යක් දානවා.(ගෑස් ලීක් උනාම ඒක දැනෙන්න) මේ විෂ කෑමත් එක්ක ඇගට ඉතාම අහිතකරයි.

එහෙමයි කියලා දැන් කාර්යබහුල ජිවිත එක්ක දර ලිපේ උයන්න බෑ  නේ.ඒ නිසා එකට හොදම විසදුම තමා non stick භාජන (නොඇලෙනසුළු බදුන්) භාවිතා කිරීම.

පිළිකා ඇති වෙන්න තව හේතුවක් තමා CFL බල්බ.මේවගෙන් නිකුත් වෙන පාරජම්බුල කිරණ වලින් පිළිකා ඇතිවීමේ අවධානමක් තියනවා.ඒ වගේම රත් උන bulb එකක් බිදුනාම එකේ ඇතුලේ තියනවා රසදිය මුසු වායුවක්.ඒකත් පිළිකා ඇති වෙන්න හේතුවක්.ඒ නිසා LED බල්බ භාවිතා කිරීම විදුලි බිලට වගේම ශරීරයටත් හොදයි.


ජය වේවා...........!!!

අලුත් දෙයක් ඉගෙන ගත්තනම් , Blog එකෙ Updates Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.

4 comments:

  1. Uniliver එකෙන් කීයක් හම්බ උනාද Ad එකට

    ReplyDelete
    Replies
    1. මං හිතුවා ඔහොම කතාවක් කියයි කියලා.එත් ඇත්තටම දැන් තියන සාමාන්‍ය filter හොද නෑ.ඒවගෙන් පෙරෙන්නත් කල් යනවා.එකයි කිව්වේ.ඔය system එක තියන filter වලට තියෙන්නේ pureit එක විතරයි වෙන්න ඇති.

      Delete
  2. "Filter එකක් ගත්තට බොහෝ දෙනෙක් වැඩි හොදට filter එකට දාන්න කලින් වතුර උණු කරනවා.එත් අර වගේ ඇලුමිනියම් වල උණු කරොත් වෙන්නේ හානියක්."

    Filter එකට ඇලුමිනියම් ඔක්සයිඩ් Filter කරන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. හොද ප්‍රශ්නයක්.මේක ගැනනම් මම හරියටම කියන්න දන්නේ නෑ.එත් එකෙන් filter උනත් සමහර අංශු පෙරෙන්නේ නැතුව එන්න ඉඩකුත් තියන නිසා වඩා හොදයි filter නොකර දානවනම්.

      Delete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න.....