ads

Tuesday, September 10, 2013

පොපි මල් වලින් "හෙරොයින්" හදන හැටි

  ජෝන් බාස් මුල්ම ලිපියෙන් කියලා දෙන්න යන්නේ තහනම් වැඩක්.එත් ඉතිං අවුලක් නෑ.මේවා හදන්න අපේ රටේ පොපි මල් නෑ නේ

කස්ටිය මේ වගේ දේවල් දැන ගන්න කැමතිනම් FB page එකට like එකක් දාගෙනම යන්න.

මේ photo එකේ වගේ පොපි මල පිපෙන්ඩ කලින් තියන පොහොට්ටුවේ කැපීම් කරනවා.එතකොට එකෙන් රෝසපාට කිරි වගයක් වෑස්සෙනවා.මේවා එකතු කරලා වෙලුවම කළු පාට වෙනවා.මේවට තමා "අබිං" කියන්නේ.මේකත් සිංහල බෙහෙතක්.වේදනා නාශකයක් විදිහට ඉතාම සුළු වශයෙන් යොදා ගන්නවා.



අබිං වලට විවිධ රසායනික ද්‍රව්‍ය එකතු කරලා එකෙන් මෝෆීන් නිපදවනවා.මේක ප්‍රභල වේදනා නාශකයක් විදිහට බටහිර වෙදකමට දැනටත් යොදා ගන්නවා.මෝෆීන් සැදීමේදී ඉතිරි වන ටිකට තමා "බ්‍රවුන් ෂුගර්" කියන්නේ



මෝෆීන් වලට විවිධ රසායනික ද්‍රව්‍ය එකතු කරාම හෙරොයින් අවක්ෂේප වෙනවා.එක පෙරලා වේලලා ගන්න කුඩු තමා ඔය හෙරොයින්.

(මට හොදටම විශ්වාස නෑ.එත් මෝෆීන් වල විවිධ සංරචකනම් lab වල තියනවා මට දැකලා තියනවා වගේ ලාවට මතකයි.)

ශ්‍රී ලංකාවේ වසරකට හෙරොයින් කිලෝ 700 කට වැඩි ප්‍රමාණයක් පරිභෝජනය වන බවට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණ ඇසුරින් තහවුරු වී ඇත. මේවා අතරින් වසරකට අත්අඩංගුවට ගැනෙන්නේ සියයට දහයකටත් අඩු ප්‍රමාණයකි. දකුණු ආසියාවේ විශාලම හෙරොයින් තොගය මේ ලගදි (2013/08/30) ග්‍රීස් ටින් වල තිබිලා අල්ල ගත්තෙත් ලංකවෙන්.එතන කිලෝ 262ක් තිබ්බා.එකෙන්ම පේනවනේ ලංකාවේ වසරකට කිලෝ 700ක් බොන එක වෙන්න පුළුවන් කියලා.

ලෝකයේ හෙරොයින් නිෂ්පාදනයෙන් 90% සිද්ධ වෙන්නේ ඇෆ්ගනිස්ථානයේ.ඒවා ඊළගට පකිස්ථානයට ගේනවා.පකිස්ථානයෙන් තමා ඒවා ලෝකේ පුරාවටම බෙදාහරින්නේ.

වැරදිලාවත් අත්හදා බලන්න යන්න එපා.එක සැරයක් ඇති ඒකට ඇබ්බැහි වෙන්න.එතකොටම මුළු සේසතම ඉවරයි.




ජය වේවා...........!!!
මගෙ Blog එකෙ Updates Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.

No comments:

Post a Comment

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න.....