ads

Thursday, December 19, 2013

වතුර බෝතල් වලින් උඩ යන rocket එකක් හදමු

මේක හරිම ලේසි වැඩක්.හරියට හදා ගත්තොත් පොල් ගහක් විතර උඩ යනවා.එකට ලන්ච් ශීට් වලින් පැරෂුට් එකකුත් හදල දැම්මනම් උඩ ගිහින් හිමිට ලස්සනට වැටෙනවා.දැන් බලමුකෝ මේක හදන හැටි.

අවශ්‍ය ද්‍රව්‍ය:-
01. ලීටර් 1.5 විතර හිස් සෝඩා බෝතල් දෙක තුනක්
02. හොදට බෝතලේ කටට හිරවෙන ඇබයක්
03. හුලං පොම්පයක් (Air compresser එකක් තියනවනම් මරු)
04. වතුර (නැති කෙනෙක් ඉන්නවනම් කියන්ඩ)


Tuesday, December 17, 2013

ගෙදරදීම හයිඩ්‍රජන් සල්ෆයිඩ් හදමු (පට්ට ගදයි)

  A Level වලට science කරනවානම් මේක නිවර්යෙන් lab එකේදී හදලා ඇති.එහෙම කෙනෙකුට ඉතින් මේකේ ගද ගැන අමුතුවෙන් කියන්ඩ ඕනේ නෑ.අයේ පැත්ත පළාතේ ඉන්ඩ බැරි කුණු බිත්තර ගදක් තියෙන්නේ.

    අපි ඕක ඉස්කෝලෙදි හැදුවා.ඒ ඒ වෙලාවේ තමා අපේ chemistry teacher මේක ගෙදරදී හදන විදිහක් කිව්වේ. මම ඕක test කරලා බැලුවා.මහා ලොකු දෙයක් කරන්ඩ නෑ.ලේසියෙන්ම හදා ගන්ඩ පුළුවන්.


Sunday, December 15, 2013

වතුර උණු කරලා බොන්නේ පරිස්සමෙන් (පිළිකා අවධානම අඩු කරගන්න)

පිළිකාවක් කියන්නේ අනවශ්‍ය ලෙස සිදුවෙන සෛල වර්ධනයකට.

වතුර උණු කරලා බොන්න ඕනේ කියලනේ කියන්නේ.එත මම දන කියන්න යන්නේ උණු කරලා බොනවට වඩා නිකන්ම බොන එක හොදයි කියලා.

වතුරේ තියන විෂබීජ නැති වෙන්න හොදට නටනකන් උණු කරන්න ඕනේ.එත් එකේ තවත් නරක පැත්තක තියනවා.

බොහෝ විට වතුර උණු කරන්න ගන්නේ ඇලුමිනියම් භාජන.මේවගේ වතුර උණු වෙද්දී ඇතිවන වාෂ්ප නිසා භාජනයේ ඔක්සයිඩ පටලයක් ඇති වෙනවා.ඇලුමිනියම් ඔක්සයිඩ් කියන්නේ පිළිකාකාරකයක්.

Saturday, December 14, 2013

වාහනයක Differential එක(අවකලකය) වැඩ කරන හැටි

මෙන්න මේකයි කතාවේ ආරම්භය.A Level Maths වල තියනවනේ අවකලනය කියලා පාඩමක්.එක එක විදිහේ ගණන් දෙනවා අවකලනය කරලා දෙන්න කියලා.එත් ඉතින් මට තිබ්බ ප්‍රශ්නේ තමා ඔකේ ඇති ප්‍රයෝජනය මොකක්ද කියලා.ඉතිං මාත් සර් ගෙන් අහලා බැලුවා.

එතකොට තමා මට වාහනේ Differential එක ගැන කියලා දුන්නේ.මේකේ තියෙන්නේ අවකලනයේ දීමක්‌ කියලා.